සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 13 වන දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (02) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල විසින් එලෙස නියම කරන ලදී.
නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන 13,14 සහ 12 යන යන සාක්ෂිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබා දුන්හ.
එමෙන්ම, සිද්ධියට අදාළව දැනට ලබා දී ඇති සියලුම සාක්ෂි වාර්තා අධිකරණයට ලබා දීමට කටයුතු කරන ලෙස ද විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කරන ලදී.
2013 වසරේ මැයි මස 10 වනදාත් ජුනි මස 06 වනදාත් අතර කාලසීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණය කිරීම හරහා රජයට රුපියල් 1,28,520/-ක පාඩුවක් සිදුකළ බවට චෝදනා දෙකක් යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
