පොලිස් පනත සහ මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීථි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බවට චෝදනා ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනාට එරෙහි නඩුවට අදාළව නීතිපති උපදෙස් ලබාගෙන ලබන ජනවාරි 25 වන දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (02) කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා තිබූ මෙම නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී කුරුඳුවත්ත පොලිසිය විසින් සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නීතිපති උපදෙස් ලබාගැනීමට නියෝග කරමින් අදාළ නඩුව ජනවාරි 25 වන දින නැවත කැඳවීමට නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
