Image

අනාගත පරපුරට උරුම කළ යුත්තේ දූෂිත පසක් නොව, පිරිසිදු හරිත පරිසරයක් – අගමැතිනිය ICPIES 2026 හිදී කියයි

අනාගත පරපුරට උරුම කළ යුත්තේ දූෂිත පසක් නොව, පිරිසිදු හරිත පරිසරයක් – අගමැතිනිය ICPIES 2026 හිදී කියයි

අනාගත පරපුරට උරුම කළ යුත්තේ දූෂිත පසක් හෝ ප්ලාස්ටික්වලින් පිරුණු මුහුදක් නොව, නිදහසේ හුස්ම ගෙන නිරෝගීව ජීවත් විය හැකි පිරිසිදු හරිත පරිසරයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ අදහස් පළ කළේ අද (30) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැති 'ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය' පිළිබඳ 3 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ (ICPIES 2026) ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය එක්ව තෙවන වරටත් මෙම සමුළුව සංවිධාන කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, වර්තමාන රජයේ ප්‍රධාන විෂයන් අතර ප්‍රමුඛස්ථානයක් පරිසරය හා දේශගුණික විපර්යාස පිළිබඳ ව්‍යාපෘති සඳහා ලබා දී ඇති අතර, දේශගුණික විපර්යාස තුළින් ඉදිරියට විය හැකි අභියෝග සම්බන්ධයෙන් කටයුතු කිරිම සදහා ඉදිරි අයවැය වලින් අවශ්‍ය පරිදි මුදල් වෙන් කරන බවයි.

එමෙන්ම පාසල් මට්ටමින් “හරිත පාසල්” (Green Schools) සංකල්පය ප්‍රවර්ධනය කරමින්, දරුවන් කුඩා වියේ සිටම 'ශුන්‍ය අපද්‍රව්‍ය' (Zero Waste) පුරුදු සඳහා යොමු කිරීමට රජයක් ලෙස කටයුතු කරන බවයි.

harini10301

summitcreation10304

summit10303

harini10302

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න