Image

ශ්‍රීලනිප ලේකම් ලෙස පිළිගන්නැයි දයාසිරි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රීලනිප ලේකම් ලෙස පිළිගන්නැයි දයාසිරි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමා පිළිගන්නා ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ ඉල්ලීම බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය විසින් අද(28) ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

දයාසිරි ජයසේකර විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ නඩුවෙන්, තමන් පක්ෂයේ ලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙසත්, දුමින්ද දිසානායක  ලේකම් ධුරයේ කටයුතු කිරීම සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාපති ධුරය දැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම කොළඹ දිසා අධිකරණය විසින් ද මීට පෙර ප්‍රතික්ෂේප කර තිබූ අතර, එම නියෝගය ප්‍රතික්ෂේප කර තමන් ඉල්ලා සිටින සහන ලබාදෙන ලෙස ඉල්ලමින් දයාසිරි ජයසේකර බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණි.

අද දින මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී නිමල් සිරිපාල ද සිල්වා සහ දුමින්ද දිසානායකගේ ධූරයන් වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ අධිකරණය, මූලික නඩු විභාගය 2027 ජනවාරි මස 08 වන දිනට නියම කළේය.

මතු පළවන්නේ මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද(28) නිකුත් කළ නිවේදනයයි.

slpfwi

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න