ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය ඔක්තෝබර් මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක නියමකර ඇත.
ඒ අදාළ නඩුව අද (09) කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා මෙම නඩුවේ විභාගය අත්හිටුවන ලෙස දන්වා අතුරු නියෝගයක් අභියාචනාධිකරණය මඟින් ඉකුත් දා නිකුත් කළ බව දැනුම්දීම සලකා බැලීමෙන් පසුවය.
රාජපක්ෂ පාලන සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පැවැත් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, රක්නා ලංකා ආරක්ෂක සභාවේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයද ඇතුළත්ව සිටියි.
ඊට අමතරව සෝමතිලක දිසානායක, ජයන්ත පෙරේරා සහ ජයනාත් කොළඹගේ යන හිටපු නාවික හමුදාපති තිදෙනාද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.
මෙම නඩුවේ විත්තිකාරිය ක ලෙස නම් කර සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ වන විට අධිකරණය මඟහැර විදේශගතව සිටින අතර ඇය වෙනුවෙන් අධිකරණය හමුවේ නීතිඥවරයකු පෙනී සිටිනු ලබයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
