Image

එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ සභාපති ලෝරා ඩිබෙලා ශ්‍රී ලංකාවේ සංචාරයක

එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ සභාපති ලෝරා ඩිබෙලා ශ්‍රී ලංකාවේ සංචාරයක

ඇමරිකානු ව්‍යාපාර සහ පාරිභෝගිකයන් ඉන්දු-පැසිෆික් කලාපය පුරා වෙළඳපොළ වෙත සම්බන්ධ කරන සමුද්‍රීය වෙළඳාම, ආයෝජන සහ නාවික ප්‍රවාහන ජාල සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා,

එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙලා මහත්මිය සහ එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) කොමසාරිස් රොබට් ජේ. හාවි මහතා සැප්තැම්බර් 6 සිට 10 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත.

lauraandhaviiඑක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙලා (වම) , එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) කොමසාරිස් රොබට් ජේ. හාවි  (දකුණ)

මෙම සංචාරය අතරතුර, ඩිබෙලා සභාපතිතුමිය සහ හාවි කොමසාරිස්තුමා ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් හමුවනු ඇත.  ඩිබෙලා සභාපතිතුමිය කොළඹ 8 වැනි ජාත්‍යන්තර සමුද්‍රීය හා සැපයුම් පිලිබඳ සමුළුවේදී (8th Colombo International Maritime and Logistics Conference) අදහස් දක්වන අතර, හාවි කොමසාරිස්තුමා සාකච්ඡා මණ්ඩලයකට සහභාගී වනු ඇත.

“කොළඹ හරහා ප්‍රවාහනය කෙරෙන බහාලුම්වලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා ගමනාන්ත වෙත තවදුරටත් ප්‍රවාහනය කෙරේ. එය ඉන්දියානු සාගරයේ නාවික ප්‍රවාහන කටයුතුවල කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඉටු කරන භූමිකාව මැනවින් පෙන්නුම් කරන අවස්ථාවකි, සභාපති ඩිබෙලා මහත්මියගේ සංචාරය එම භූමිකාවේ වැදගත්කම පිළිගන්නා අතර, ඉන්දු-පැසිෆික් කලාපය හරහා මෙම අත්‍යවශ්‍ය වෙළඳ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන සමඟ අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් සලසා දෙයි. ආරක්ෂිත සහ කාර්යක්ෂම නාවික ප්‍රවාහන සේවා ඇමරිකානු ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය කරන අතර, කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාවරය ශක්තිමත් කරමින් අප දෙරටේම ආර්ථික සමෘද්ධියට දායක වේ,” යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් පැවසී ය.

1961 දී පිහිට වූ ෆෙඩරල් සමුද්‍රීය කොමිසම, එක්සත් ජනපද අපනයනකරුවන්, ආනයනකරුවන් සහ පාරිභෝගිකයන්ගේ ප්‍රතිලාභය සඳහා පිහිටුවා ඇති එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සාගර ප්‍රවාහන පද්ධතිය නියාමනය කිරීමේ වගකීම දරන ස්වාධීන ෆෙඩරල් ආයතනයකි. තරඟකාරී සහ විශ්වාසදායක ජාත්‍යන්තර සාගර ප්‍රවාහන පද්ධතියක් ප්‍රවර්ධනය කිරීමටත්, නැව්ගත කිරීමේ කර්මාන්තයේ අසාධාරණ හෝ නොමඟ යවනසුලු භාවිතයන්ගෙන් ඇමරිකානු ජනතාව ආරක්ෂා කිරීමටත් එක්සත් ජනපද ෆෙඩරල් සමුද්‍රීය කොමිසම (FMC) කටයුතු කරයි.

ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ජනාධිපති  විසින් නම් කරනු ලැබීමෙන් අනතුරුව, ඩිබෙලා සභාපතිතුමිය  2026 ජනවාරි මාසයේ සිට ෆෙඩරල් සමුද්‍රීය කොමිසමට නායකත්වය ලබා දෙයි ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ජනාධිපතිතුමා  විසින් නම් කරනු ලැබීමෙන් අනතුරුව, හාවි කොමසාරිස්තුමා 2026 ජුනි 1 වැනිදා කොමසාරිස්වරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න