ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පතේ 2වන වගන්තිය අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය (CPA) සහ එහි විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ SC SD 50/2026 අංක දරණ පෙත්සම ගොනු කර ඇත.
2 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එබැවින් ජනමත විචාරණයක දී ජනතාව ගේ අනුමැතිය අවශ්‍ය බවත් තීරණය කරන ලෙස මෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියි.
2026 අගෝස්තු 7 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) වගන්තිය සංශෝධනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සිට 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වා ඉහළ නැංවීමට උත්සාහ කරයි.
මෙම සංශෝධනය මගින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස අඩු කිරීමට වත්මන් හෝ අනාගත රජයකට හැකි වන භයානක පූර්වාදර්ශයක් නිර්මාණය කරනු ඇති බවට පෙත්සම්කරුවන් අනතුරු අඟවයි. එබැවින් මෙම සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
