එකම කණ්ඩායමක් ලෙස වැඩිම ජපන් ජාතික සංචාරකයින් 200ක් පසු ගිය තිස්වන දා තනි ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ජපානයේ සංචාරකයින් 200 දෙනකු තනි ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණීමට පසුගිය දා (30) නරිටා ගුවන් තොටුපොලෙන් පිටත් වූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ පැවසී ය.

Little Japan සමූහය සංවිධානය කළ මෙම චාරිකාව මෑත කාලයේ එකම කණ්ඩායමක් ලෙස වැඩිම ජපන් සංචාරක පිරිසක් පැමිණි අවස්ථාව බවත් මෙම චාරිකාව ශ්‍රී ලංකා ජපන් සංචාර කර්මාන්තයේ සැලකිය යුතු දිරි ගැන්වීමක් බව තානාපතිවරයා ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන ජපන් ජාතිකයන්ට සුභ පතමින් පැවසී ය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය සහයෝගය සහ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවට පැමිණි මෙම කණ්ඩායම සීගිරිය ඇතුළු ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන රැසකට යෑමට ද ආයුර්වේද සහ සම්ප්‍රදායික සිංහල සුවතා වැඩ සටහන්වලට සහභාගිවීමට ද නියමිත බව මහාචාර්ය කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) සඳුන් සමීර ද ජපන් ජාතිකයින්ට සුභ පැතීමට නරිටා ගුවන්තොටුපලේ දී එක්ව සිටියේ ය.
ජේ. මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
