නාවික හමුදාවේ කප්පම්කරුවන් පිරිසක් විසින් කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රෙද්ශයේ තරුණයන් පැහැරගෙන යාමට යොදාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ වෑන් රථයකට අදාළ රස පරීක්ෂණ වාර්තාව අද (13) කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කර සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු සැකකරුවන් ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කොළඹ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විදේශගත වීම නිසා අධිකරණයට පැමිණ සිටියේ නැත.
කෙසේ වුවත් රාජපක්ෂ සමයේ දේශපාලන සංස්ථාවේ නියෝග ඇතුව රාජ්‍ය මිලිටරිය විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ලවී ඇති මෙම නඩු කටයුත්ත සම්බන්ධව ජාත්‍යන්තරයේ ද අවධානය යොමුව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
