Image

ශ්‍රී ලංකාව තුළ, නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් වහාම තහනම් කරයි

ශ්‍රී ලංකාව තුළ, නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් වහාම තහනම් කරයි

ශ්‍රී ලංකාව තුළ වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වාගෙන යන වෙබ් අඩවි 122කට මෙරට සිට පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට රජය පියවර ගෙන ඇත.

මෙම නියාමන පියවර ගෙන ඇත්තේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) යි. ඒ අනුව, 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කළ නිල දැනුම්දීමකට අනුව මෙම වෙබ් අඩවි තහනම ක්‍රියාත්මක කර ඇත.

රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරමින් ක්‍රියාත්මක වන මෙම නියාමන පියවරට අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි මෙරට තුළ අවහිර කිරීමට කටයුතු කරමින් සිටී. මේ සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම විදුලි සංදේශ සේවා සපයන ව්‍යාපාරික ආයතන (Telecommunication Service Providers) සම්බන්ධීකරණය කරගනිමින්, අදාළ වෙබ් අඩවිවලට ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීමට අවශ්‍ය උපදෙස් TRCSL වෙත මේ වන විටත් ලබා දී ඇත.

වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව මෙරට තුළ අන්තර්ජාල සූදු සේවා පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ වරදක් වන අතර, පනතේ 44 වන වගන්තිය ප්‍රකාරව එය දඬුවම් ලැබිය හැකි නීතිවිරෝධී ක්‍රියාවක් බව රජය අවධාරණය කරයි.

මේ හේතුවෙන්, ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අනවසර අන්තර්ජාල සූදු වේදිකාවල (Online Gambling Platforms) නිරත වීමෙන් සහ ඒවායේ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි.

ජේ. මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න