කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම සෞඛ්‍ය සේවා සපයනු ලබන මධ්‍යස්ථානය වන කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවා, සංවර්ධන කටයුතු, ඉදිරි සැලසුම් සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 17වන දා එම රෝහලේ නිරීක්ෂණයක නිරත විය; අනතූරුව රෝහල් කළමණාකරණ කමිටු රැස්වීමකට ද සහභාගි විය.
මහල් පහකින් යුත් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර (A&E) සංකීර්ණයක්
රෝගී වාට්ටු, හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය, මුළුතැන්ගෙය, අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ඇතුළු අංශ කිහිපයක් ම එහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ගේ අවධානයට සහ නිරීක්ෂණයට ලක්විය.
සීමිත පහසුකම් යටතේ කෑගල්ල සහ අවට ප්‍රදේශවල ජනතාවට රෝහල මගින් ලබාදෙන සේවාව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ඇගයීමට ලක් වු අතර රෝහල් කාර්ය මණ්ඩලයට සිය ගැටලු සහ අවශ්‍යතා ඉදිරිපත් කිරීමට ද මෙහි දී අවස්ථාව ද ලබා දුන්නේ ය.
රෝහලේ ප්‍රධාන අවශ්‍යතාවක් වන අතරමග ඉදිකිරීම් නවතා දමා තිබූ මහල් 05 කින් යුත් හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සංකීර්ණය (A&E) රුපියල් මිලියන 1300 කට අධික පිරිවැයක් දරමින් නැවත ඉදිකිරීම් ආරම්භ කරන බවත්, 2028 මැදභාගය වන විට එහි ඉදිකිරීම් අවසන් කර තැත් රසායනාගාරයක් ද සමගින් ජනතාවට ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
ලක්ෂ නවයකට ආසන්න ජනතාවකට ප්‍රතිකාර සහ සත්තාර
එමෙන්ම රෝහලේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 75 ක මුදලක් වෙන් කිරීමට කඩිනමින් කටයුතු කරන බවත්, ලබන වසරේ නවීනතම තාක්ෂණයෙන් යුත් CT Scanner යන්ත්‍රයක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කර ඇති බව ද පැවසූ අමාත්‍යවරයා රෝහලේ මානව සම්පත ශක්තිමත් කරමින් හෙදියන් 40 ක් සහ සෞඛ්‍ය කාර්ය සහායකයින් 44 ක් ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.
මෙරට රෝහල් පද්ධතියට නිල නිවාස, උපකරණ සහ ගිලන් රථ ලබාදීම සම්බන්ධව ඉදිරියේ දී සැලසුම් සහගත ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල 1960 වර්ෂයේ දී ආරම්භ කර ඇති අතර, අදියරෙන් අදියර සංවර්ධනය වූ රෝහලේ මේවන විට ඇදන් ධාරිතාවය 815 ක් වේ. කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන අතර දිස්ත්‍රික්කයේ ලක්ෂ නවයකට ආසන්න ජනතාවකට මෙන්ම අවට දිස්ත්‍රික්කවන මහනුවර, කුරුණෑගල, රත්නපුර සහ අවට ප්‍රදේශවල ජනතාවට ද ප්‍රතිකාර සහ සත්තාර සේවාවන් මෙම රෝහල මගින් සපයනු ලබයි.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගරිකා ගංගානි අතාවුද, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ශ්‍රීනි අලහප්පෙරුම, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර, දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කුමාර, කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ, රෝහල් කමිටු සාමාජිකයින් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
