ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ පත්කර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ඊයේ (02) රාත්‍රියේ පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ ආණ්ඩුවෙන් ඉවත්වු 16 කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා වන අතර මේ අනුව ඔහුව එම ධුරයෙන් ඉවත්කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
