Image

"කාලයේ ස්ථර ශ්‍රී ලංකාවේ උරුමය, සංස්කෘතිය සහ සමාජය" 2026 ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය මෙම මස 13 සහ 14

"කාලයේ ස්ථර ශ්‍රී ලංකාවේ උරුමය, සංස්කෘතිය සහ සමාජය" 2026 ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය මෙම මස 13 සහ 14

ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය විසින් සංවිධානය කරනු ලබන 2026 ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය මෙම මස 13 සහ 14 යන දිනවල දී කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ, අංක 96 දරන ස්ථානයේ පිහිටි රාජකීය ආසියාතික සමිති මූලස්ථානයේ දී (මහවැලි කේන්ද්‍රයේ පළමු මහල) පැවැත්වේ.

මෙවර සම්මන්ත්‍රණයේ ප්‍රධාන තේමාව වන්නේ "කාලයේ ස්ථර ශ්‍රී ලංකාවේ උරුමය, සංස්කෘතිය සහ සමාජය" යන්න යි.

මෙම විද්වත් හමුවේ සමාරම්භක උත්සවය ජුනි මස 13 වන දින පස්වරු 2.30 ට පැවැත්වෙන අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනීදුම සුනිල් සෙනෙවි සහභාගී වීමට නියමිත ය.

සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ඉන්දියාවේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ආචාර්ය සසංක පෙරේරා විසින් පවත්වනු ලබයි.

මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ දී දේශීය මෙන්ම විදේශීය පර්යේෂකයින් සහ විද්වතුන් රැසක් විවිධ විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිත ය.

ජේ.මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න