Father සිනමා නිර්මාණයට පාදක වූ ප්‍රධාන චරිතය වන ගම්පහ ඔස්මන් ගුණසේකර පසුගිය දිනෙක අත් අඩංගුවට පත් වූයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙසිනි. ඔහු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය.
බන්ධනාගාරගතව සිටින මොහු පිළිබඳ දිවයින පුවත්පතේ සාවද්‍ය තොරතුරු පළවන්නේ යැයි සඳහන් කරමින් ඔස්මන් ගේ ඥතියකු වන ගාමිණි වැන්ඩකෝන් දිවයින පුවත්පතට ලිපියක් යවා ඇත; ඒ සම්බන්ධයෙන් දිවයින පුවත්පත කිසියම් ක්‍රියා මාර්ගයක් ගනීවි ද නැද්ද යන්න අපිට කිව නොහැකි ය.
ගාමිණී වැන්ඩකෝන් විසින් දිවයින පුවත්පත වෙත යවන ලද ලිපිය අප වෙත ද එවා තිබුණි. අප එය පළකරන්නේ ලිපියෙහි සම්පූර්ණ වගකීම ඔහු සතු බව සඳහන් කරමිනි. එමෙන් ම මේ සම්බන්ධයෙන් කිසිවකුට අදහස් දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ-කඩ විවර කර දීමට ද අප සූදානම් ය.
මතු පළ වන්නේ ගාමිණි වැන්ඩකෝන් දිවයින පුවත්පත වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය යි.
දිවයින පුවත් පත් ආයතනය,
ප්‍රධන කතෘ ඇතුළු කතෘ මණ්ඩලයට
ඔබ පුවත් පතේ නිරන්තරයෙන් ගම්පහ ඔස්මන් ගුණසේකර පිළිබඳව පළකරන සාවද්‍ය පුවත් (Fake News) නිවැරදි කරගැනීම පිණිසයි
ඔබ පුවත් පත් ආයතනයේ කතෘ වරයෙකු වශයෙන් කටයුතු කරන හේමන්ත රන්දුනු විසින් ඔස්මන් ගුණසේකර ගැන පසුගිය දින කීපයේ පළකරණ ලද සියලු ම පුවත් අසත්‍ය ඒවා ය.
ඒවා කෙටියනේ මෙසේ ය.
ජුනි 9වන දා: ''කුඩු ජාලයෙන් ඉපැයූ පද්මෙ ගේ සල්ලි ඔස්මන් සුදු කරලා; පත්මසිරි ඉපැයූ මුදල් දින කිපයකට වරක් ඔස්මන් ට බාරදී ඇත්තේ ඉෂාර සෙව්වන්දි''
ඔස්මන් ගේ ගිනිඅවිය නීත්‍යනුකූල ය
ඒ වගේම ඔහුගේ නිවසේ සිට රැගන ගිය ගිනි අවිය නීති විරෝධී එකක් නොව බලපත්‍ර යක් තිබුණු එකකි. එය කිසිදු නීති විරෝධී කටයුත්තකට භාවිතා කර නැත. මෙයට පෙර ද හේමන්ත රන්දුනු දිවයින පුවත් පත යොදාගෙන මෙවැනි ආකාරයේ සාවද්‍ය පවුත් දිගින් දිගටම පළකරමින් සිටී. මෙම හේතුව නිසා ඔස්මන් ගුණසේකර මහතා සහ ඔහුගේ පවුලේ සමාජිකයන් බරපතළ ලෙස අගතියට පත්ව ඇත; එය සපරාධී ක්‍රියාවකි. එමෙන්ම මෙයට පෙර දොස්තර සාෆි මහතා සිංහල කාන්තාවන් වඳ කළ බවට ව්‍යාජය පුවත ද නිර්මාණය කළේ ඔබ පුවත් පතේ හේමන්ත රන්දුනු ය. එම යුගයේ සාෆි මහතා ගේ පවුලේ සාමජිකයින් සිංහල ජනතාව ගේ වෛරයට පාත්‍ර විය; දරුවන්ට පවා පාසැල් යාමට බැරි විය; එකල එය ජාතිවාදී ගැටුමකට යෑමට තරම් උත්සන්න විය. එය පුවත් පතක් නොකළ යුත්තකි. පසු කලෙක සාෆි නිවැරදි බව උසාවිය විසින් තහවුරු කරන ලදී . මෙවැනි අසත්‍ය පවුත් දිවයින බඳු ජාතික තලයේ පුවත් පතක පළ කිරීම බරපතළ අපරධයක් මෙන්ම ඔබ පුවත පත් කෙරෙහි විශ්වාසය පළ කරමින් එය මිලදී ගන්නා පාඨකයින් මුළා කිරීම ඔවුන්ට කරන අසාධාරණයකි.
ඔස්මන් යනු මත්ද්‍රව්‍ය වෙළඳුන් ගේ සතුරෙකි
ඔස්මන් ගුණසේකර යනු පසගිය වසර 40 තුළ මත්ද්‍රව්‍ය විකුණනවාට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කරන අයෙකු බව ගම්පහ ප්‍රදේශයේ ඕනෑම් කෙනෙකු ගෙන් ඔබලාට විමසා දැනගත හැකි ය. ඔහුට කෙහෙල්බද්දර පත්මේ හෝ ඉෂාර සේව්වන්දි හෝ වෙනත් මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් සමග කිසිදු සම්බන්ධයක් නොමැත. ඒ බව මම ඉතා වගකීමෙන් ප්‍රකශ කරමි. ඒ වගේම ඔහු කිසිදු අයකුගෙන් අල්පෙනත්තක දෙයක් වත් නොමිලේ ලබා නොගන්නා අතර ප්‍රදේශයේ දිළිදු ජනතාවට නොමසුරුව නිරන්තරයෙන් උපකාර කරන්නෙකි.
දිවයින යනු සුනිල් මාධව, දයාසේන ගුණසිංහ වැනි සත්‍ය වෙනුවෙන් කතා කළ මාධ්‍යවේදීන් ගේ තෝතැන්නකි ඔබ පවුත් පත ආරම්භයේ සිට මා දිනපතා කියවූ පාඨකයකි, ඒ පවුත්පත පළ කළ පුවත් නිවැරදි ඒවා වූ බැවිනි, නමුත් මෑත යුගයේ සිට ඔබ පුවත් පතේ සේවය කරන හේමන්ත රන්දුනු සහ ඔහු වැනි ලේඛයන් ජනතාව මුළා කිරීම සදහා පළකරන අසත්‍ය පුවත් නිසා ඈත්තේ දැඩි කල කිරීමකි, මාධ්‍ය සදාචාරය පිළිබඳ ගැටලුවකි.
ශ්‍රී ලංකා පොලිසියෙන් වැඩි දුර කරුණු විමසන්න
ජුනි 9වන දා ඔස්මන් ගුණසේකර පිළිබඳ හේමන්ත රන්දුනු දිවයින පුවත් පතේ පළ කළ වාර්තාවේ ඔහු තොරතුරු ලබා ගත් අය ලෙස හැඟවෙන අයුරින් නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි යන අය ගේ නම් සදහන් කර ඇත. එබැවින් ඔබ ආයතනයේ වග කිව යුත්තෙක් මැදිහත් වී අදාළ පොලිස් නිලධාරින් ගෙන් හෝ ශ්‍රීලංකා පොලිසියෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපර්ත්තු මේන්තුවෙන් විමසීමක් කර හේමන්ත රන්දුනු ඔස්මන් ගුණසේකර මහතා ගැන පළ කළ පුවත් පත් සත්‍ය අසත්‍ය ඒවා ද යන්න සොයා බලා ඒ ගැන නිවේදනය නිකුත් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
මෙයට,
ගාමිණී වැන්ඩකෝන්
පවුලේ ඥතීන් වෙනුවෙන්
10/06/2026 zurich, Switzerlanda
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
