Image

ජාතික ජන බලවේග රජයක් යටතේ රුපියල ස්ථාවර වුණා - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන

ජාතික ජන බලවේග රජයක් යටතේ රුපියල ස්ථාවර වුණා - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන

දේශීය අරමුදල් යොදා ගනිමින්  දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ ඉදිරියේ දී ආරම්භ කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසී ය.

ශ්‍රී ලංකාවේ රුපියල ස්ථාවරත්වයට පත්කර ඇති බැවින් ව්‍යාපෘති සඳහා දේශීය රුපියල් යොදාගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ද, අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන කොටස සඳහා දේශීය අරමුදල් හා දේශීය ආයෝජකයින් යොදාගත් අයුරින් ම ඉදිරියේ දී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශීය රුපියල් යොදා ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (05) මහනුවර සහස් උයන පරිශ්‍රයේ පැවති සංවර්ධන නිලධාරී සේවා සංගමයේ දසවන ජාතික සමුළුවේ දී ය.

ජාතික ජන බලවේග රජය බලයට පත්ව වසර එකහමාරක කාලය තුළ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට හැකි වූ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා රජයේ ප්‍රධාන ආදායම් සියල්ල ම ඉතිහාසයේ පළමු වතාවට ඉහළම වාර්තාගත ආදායම් උත්පාදනය කළ බව පැවසුවේය. සෑම වර්ෂයක ම අයවැය පියවා ගැනීමට නොහැකි වැය බරක් වූ නමුත් වත්මන් රජය යටතේ ඉතිහාසයේ පළමු වතාවට අයවැය හිඟය අවම මට්ටමට ගෙන ඒමට හැකියාව ලැබුණු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

ඒ: ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 2500ක ආදායමක් ද, තීරු බදු වලින්  රුපියල් බිලියන 2200ක්  ද සුරා බදු ආදායම රුපියල් බිලියන 230 ක් වශයෙන් බවත්, එය එම ආයතන ඉතිහාසයේ ලැබූ ඉහළම ආදායම උත්පාදනය කිරීමට හැකි වූ අවස්ථාව බවත්, නව රජය බලයට පත්ව වසරක් තුළ මෙවැනි ආදායම් උත්පාදනය කළ බවත්, ඉදිරියේ දී රට ආර්ථික වශයෙන් තවදුරටත් ශක්තිමත් කරන බවත්, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන තවදුරටත් ප්‍රකාශ කළේ ය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න