වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචියකින් තොරව වැඩිහිටියන් රඳවා ගෙන සිටි හොරණ අඟුරුවතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි නිවාසය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර සහස් උයනේ දී ඊයේ (05) පැවැති සංවර්ධන නිලධාරී සේවා සංගමයේ දස වන ජාතික සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...
පොලිසියේ මැදිහත්වීම මත පූර්ණ පරීක්ෂණයක්
''වැඩිහිටියන් පස් දෙනෙකු හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් රඳවාගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යනවා නම් එම ආයතනය ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුයි. නමුත් මෙම ආයතනයට එවැනි ලියාපදිංචියක් නැහැ. එය පවත්වාගෙන ගියේ කුමන අරමුණකින් ද යන්න පිළිබඳව විමර්ශනය කරනවා. වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් 08 දෙනෙකු සහ ආබාධ සහිත පුද්ගලයන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මෙම ස්ථානයේ රඳවා තිබූ බව වාර්තා වෙනවා. මරණයට පත්වුවන් පිළිබඳව අධිකරණ විමර්ශන වාර්තා ලබා ගනිමින් පවතිනවා. පූර්ණ අනුමැතියකින් තොරව පවත්වාගෙන ගිය මෙම ආයතනය පිළිබඳව පොලිසියේ මැදිහත්වීම මත පූර්ණ පරීක්ෂණයක් පවත්වනවා. අවශ්‍ය ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.
පුරවැසියන් ගේ වගකීම
නීතියානුකූල නොවන ආකාරයෙන් පවත්වාගෙන යන මෙවැනි ආයතන පිළිබඳ විමර්ශනයක් සිදුවිය යුතු යි. මුදලට හෝ යම් ආකාරයෙන් තමන්ගේ ඥාතියකු මෙවැනි ස්ථානයක රඳවන්නේ නම් එය ලියාපදිංචි ආයතනයක් ද යන්න පිළිබඳව වැඩිදුරටත් විමසිලිමත් වීම පුරවැසියන්ගේ වගකීමක්. තමන්ගේ දෙමාපියන් හෝ වෙනත් සමීප ඥාතියෙකු රැක බලා ගැනීම තමන්ට අපහසු කාර්යයක් නම් අධිකරණමය නීතියේ උපකාර මත රජයේ ලියාපදිංචි රැඳවුම් මධ්‍යස්ථානයක නේවාසිකව රැදවීමේ හැකියාව පවතිනවා.

නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
