Image

සපුරා ම ප්‍රතික්ෂේප කළ යුතු ගල් අඟුරු නැවක් නොරොච්චෝලයට ගෙනල්ලා

සපුරා ම ප්‍රතික්ෂේප කළ යුතු ගල් අඟුරු නැවක් නොරොච්චෝලයට ගෙනල්ලා

පැටවුම් වරාය වාර්තාව අනුව 2026 අප්‍රේල් 28 සහ 29 දෙදින දකුණු අප්‍රිකාවේ  Richards Bay Coal Terminal වරායෙන් පටවා ඇති ගල් අඟුරු මෙ.ටො. 59, ගල් අඟුරු ලෙස ලේබල් කර ඇති නමුත් මෙහි අළු ප්‍රතිශතය ඒකක 16.8 ක් බවත්,

ලංකා ගල්අඟුරු සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබූ ටෙන්ඩර් ලියවිල්ලේ 5.2 කොටස (LCC Reject Values for Coal) අගය දැක්වෙන්නේ ඒකක 16 ක් ලෙස බවත්,  ඒ අනුව මෙම ගල් අඟුරු නැව දඩ ගැසීමකින් පසුව හෝ මිලදී ගැනීමේ හැකියාවක් ලංකා රජයට (ගල් අඟුරු සමාගමට) නැතැයි ‍ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මෙම ගල්අඟුරු තොගය ගොඩබෑමට පෙර, ලංකා ගල්අඟුරු සමාගම, විගණන කාර්යාලය, තාක්ෂණික කමිටු මගින් විධිමත් විමර්ශනයක් සිදු කළ යුතුව ඇති අතර මෙම නැව ගොඩබෑම සිදු නොකළ යුතු බව ද, මුදල් ගෙවීම සිදු නොකළ යුතු බව ද ‘‍ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ අවධාරණය කරයි. ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු කමිටු සහ විගණන කාර්යාලය මේ පිළිබඳව ස්ථානීය පරීක්ෂාවක් සිදු කළ යුතු බව ද, ගල්අඟුරු කොමිෂන් සභාව වහා මේ පිළිබඳ විමසිය යුතු බව ද එම සංවිධානය අවධාරණය කරයි.

මතු පළ වන්නේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

Screenshot 2026 05 26 105507

 

Screenshot 2026 05 26 105526

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න