මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2015 මාර්තු 26 දින මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ගොනු කළ නඩුවේ මා සැකකරුවෙකු ලෙස නම් කළද, එම ගනුදෙනුවට සෘජුව වගකිව යුතු ගුවන් හමුදා නිලධාරීන් කිසිවකු සැකකරුවකු ලෙස නම් නොකිරීම එදා ගත් දේශපාලන තීන්දුවක ප්‍රතිඵලයක් බව මම විශ්වාස කරමි. එහි වගකීම එවකට නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන් වෙත ද පැවරිය යුතු ය.
වසර 11කට වැඩි කාලයක් ගතවී තිබියදීත්, නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවට අදාළ උපදෙස් අධිකරණයට ලබා නොදීමත්, වසර 06 පුරාවට නීතිපති උසාවියට නොපැමිණීමත්, නඩුවේ ප්‍රධාන නඩු භාණ්ඩයක් වූ මිග් යානා ගිවිසුමේ මුල් පිටපත අස්ථානගත වීම සම්බන්ධයෙන් වගකිව යුතු සැකකරු නීතිපති විසින් නඩුවෙන් නිදහස් කිරීමත්, අද ශ්‍රී ලංකාවේ නීතියේ සාධාරණත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරයි.
මෙය සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියක් නොව, දේශපාලන අධිකාරියේ අවශ්‍යතා මත රාජ්‍ය බලය අවභාවිතා කරමින් විරුද්ධ පාර්ශ්වයන්ට පළිගැනීම සඳහා යොදාගත් ක්‍රියාවලියක් බව ශ්‍රී ලාංකික ජනතාව හමුවේ සටහන් කරමි.
අදට ගෙවුණු දින 4,067 පුරා, මාගේ සියලු බැංකු ගිණුම් අත්හිටුවමින්, මා සමාජ, ආර්ථික හා මානසික වශයෙන් පීඩාවට පත් කරමින් ද්වේශයෙන් හා කුහකකමින් ක්‍රියාත්මක කරන මෙම දේශපාලන පළිගැනීම් අවසන් වී, කපිල චන්ද්‍රසේනට අත්වූ ඉරණම තවත් කිසිවකුට අත් නොවී, මා ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට නීත්‍යනුකූල සහ සාධාරණ විසඳුමක් ලැබෙන දිනය ඉදිරියේ දී උදාවනු ඇතැයි මම තවමත් විශ්වාස කරමි.
උදයාංග වීරතුංග
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
