එයාර් බස් ගනුදෙනුවට අදාළව රුපියල් 15,000ක මුදලකට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනකු ඉදිරිපත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නැයි නියම කර සිටි කපිල චන්ද්‍රසේන ගේ දේහය කොල්ලුපිටිය නිවසක තිබී සොය ගත් බව කොල්ලුපිටිය පොලිසිය තහවුරු කරයි.
එයා බස් ගනුදෙනුවට අදාළ කොමිස් මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට ලබා දුන් බව ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කියා තිබිණි. ඔහු ගේ මරණය සිය දිවි හානි කර ගැනීමක් ද, ස්වභාවික මරණයක් ද, ඝාතනයක්ද යන්න ගැන විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිසිය පවසයි.
කපිච චන්ද්‍රසේන මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණේ 2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් A330 යානා 6ක් සහ A350 යානා 8ක් වශයෙන් නව ගුවන් යානා 14ක් මිලදී ගැනීමට සහ බදු පදනම මත ලබා ගැනීමේ සිදුවීමට අදාළව ය. මෙම ගනුදෙනුව සාර්ථක කර ගැනීම සඳහා එයාර් බස් සමාගම ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට අල්ලස් ලබා දී ඇති බවට චෝදනා එල්ල විය.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ කපිල චන්ද්‍රසේන, අල්ලස් කොමිසමට පවසා තිබුණේ අදාළ කොමිස් මුදල් මහින්ද රාජපක්ෂට ද ලබා දුන් බවයි.
මූලාශ්‍ර - MediaLK
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
