2025/2026 අධ්‍යන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී අද (06) ප්‍රකාශ කළා ය.
මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇය සඳහන් කළේ, විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමෙන් අනතුරුව 2026 අගෝස්තු 31 වනවිට සියලු ම ශිෂ්‍ය ලියාපදිංචි නාමලේඛන අදාළ විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව, පාඨමාලා ආරම්භ කිරීමේ නිශ්චිත දින සැප්තැම්බර් පළමු සතියේ සිට ඒ ඒ විශ්වවිද්‍යාල තීරණය කරනු ඇත.
මෙවර අධ්‍යන වර්ෂය සඳහා නව උපාධි පාඨමාලා දෙකක් ද හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා ය. ඒ අනුව, රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු පද්ධති (GIS) පාඨමාලාව සඳහා සිසුන් 50 දෙනකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව පාඨමාලාව සඳහා ද සිසුන් 50 දෙනකු බඳවා ගැනීමට නියමිතය.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාව 2,81,810ක් වන අතර, ඉන් 1,76,538 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. එම සංඛ්‍යාවෙන් 42,937 දෙනෙකු රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවා ය.
එමෙන්ම, ප්‍රථම උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාව මෙවර වැඩි නොකළ ද, සිසුන්ට ලබා දෙන පහසුකම් වර්ධනය කරමින් ගුණාත්මක සහ ඵලදායී අධ්‍යාපනයක් සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා ය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
