අද දවස අපිට ඉතාමත් සුවිශේෂී දවසක්. Shirly Samarasinghe සහෝදරයා ගේ නවතම සිනමා නිර්මාණය වන "සිලිලාරේ..." අද කීර්තිමත් ලන්ඩන් ආසියානු සිනමා උළෙල (London Asian Film Festival) හරහා සිය ජාත්‍යන්තර ගමන් මග ආරම්භ කරනවා.
මේ සිනමාපටය සමග මට තිබෙන්නේ බොහොම සමීප බැඳීමක් වගේම බුද්ධිමය ගනුදෙනුවක්. "සිලිලාරේ" නාමයේ ගැබ්ව ඇති ඒ යටිපෙළ අරුත සහ ගැඹුර ජාත්‍යන්තර ප්‍රේක්ෂකයාට සමීප කිරීම සඳහා "The Voiceless Waters" යන ඉංග්‍රීසි නාමය නිර්මාණය කළේත්, මුළු චිත්‍රපටයේ ම ඉංග්‍රීසි උපසිරැසි (English Subtitles) රචනා කරන ලද්දේ මා විසින්.
සිලිලාරේ යනු සම්මතයට අභියෝග කරන සිනමා නිර්ණයකි. එහි (ප්‍රති)-සංස්කෘතික ආඛ්‍යානය ජාත්‍යන්තර භාෂාවකට පරිවර්තනය කිරීම යනු හුදු වචන පෙරළීමකට වඩා සංකීර්ණ කියවීමක්.
ෂර්ලි සහෝදරයාගේ අභියෝගාත්මක සිනමාත්මක රූප රාමුවලට "The Voiceless Waters" හරහා ජාත්‍යන්තර තලයේ භාෂාත්මක හඬක් ලබා දීමට දායක වීමට ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා.
Professional Film Subtiling සඳහා මා යොමු කළ ප්‍රවීණ පිටපත් රචක Sunanda Silva ගෞරවයෙන් සිහිපත් කරනවා. කලකට පෙර ITN Sri Lanka නාලිකාවේ විකාශය වූ Lawrence of Arabia බදු උපසිරැසි ගැන්වීමට අසීරු චිත්‍රපට ගණනාවක් උපසිරැසි ගැන්වීවමට මට අවස්ථාව ලැබුණේ සුනන්ද නිසා.
Dharmasiri Bandaranayakeගේ "හංස විලක්" චිත්‍රපටය ජාත්‍යන්තර වශයෙන් සංරක්ෂණය කිරීම සිදු කරන විට එම චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවට උපසිරැසි ගැන්වීමට සහ විශේෂයෙන් එහි ගීත පරිවර්තනය කිරීමට ලැබීම ද මෙහි දී ඉතා ගෞරවයෙන් මතක් කළ යුතුයි.
අදින් ඇරඹෙන මේ ජාත්‍යන්තර සිනමා චාරිකාව තුළ ඉහළ ම ප්‍රතිචාර සහ විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ෂර්ලි සමරසිංහ සහෝදරයාටත්, "සිලිලාරේ" සම්පූර්ණ කණ්ඩායමටත් සුබ පැතුම්!
Vasantha Wakkumbura


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
