Image

මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික  තොගය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ සැකකරුට විවෘත වරෙන්තුවක්

මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික  තොගය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ සැකකරුට විවෘත වරෙන්තුවක්

දික්ඕවිට ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අවස්ථා තුනක දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 600 අධික  තොගය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයේ සැකකරුවෙක් වන දිසානායක මුදියන්සේලාගේ බන්දුල දිසානායක යන අය මෙම ජාවාරම මෙහෙයවා ඇති බව විමර්ශන අනාවරණය කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ ඊයේ (5) දැනුම් දුන්නේය.

දැනට ඔහු විදේශ ගතව සිටින බැවින් අත්අඩංගුවට ගැනිමට විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

සැකකරු අත්අඩංගුවට ගැනිමට රතු නිවේදනයක් ලබා ගැනිමට අවශ්‍ය බව කියමින් සිදු කළ ඉල්ලිම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඒ බවට සාක්ෂි කැඳවීමට අවශ්‍ය බව දැනුම් දුන්නේ ය. ඒ අනුව ඉදිරි සතියේ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණය හමුවේ දන්වා සිටියේය.

මෙම සැකකරු රුපියල් කෝටි ගණන් යොදවමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත්,  එසේම එම ගිනි අවි සහිත බෝට්වු රැගෙන ගිය 18 වන සැකකරු වන මිහිදුකුලසූරිය සමන් නැමැත්තා රැඳුව්ම් නියෝග යටතේ රඳවා ප්‍රශ්න කරන බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

අත්අඩංගුවට ගත් පළමු බෝට්ටුවේ තිබී භාරයට ගත් පිස්තෝල 8ක් ටී 56 ගිනි අවි දෙකක් සහ මිලිමීර් 16 පිස්තෝලයක් ඇතුළු ගිනි අවි අධිකරණ නියෝග ප්‍රකාරව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි පොලිසිය වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අධිකරණයට දන්වා සිටියේ ය. සැකකරුවන්ගේ දුරකතන  සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ ය.

සැකකරුවන් 20 දෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ලබන 21වන දා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (05) ට නියෝග කළේ ය.එසේම මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ජෝසප් ඇන්තිනී පෙරේරා යන අයගේ ප්‍රකායක් සහ ඔහු ගේ ඇඟිලි සලකුණු ලබාගත්තා යැයි කී පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් විෂ අබිං අන්තරාදායක ආඥා පනත, ගිනි අවි ආඥා පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බව ද කිවේ ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 දෙනා අතරින්  රඳවා සිටින සැකකරු නිරීක්ෂණය කරන බවත් රිමාන්ඩ්භාරයේ සිටින සැකකරුවන් ලබන මැයි මස15 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න