Image

‘දෙමටගොඩ චමින්ද’ ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අධිකරණයෙන් අවසර

‘දෙමටගොඩ චමින්ද’ ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අධිකරණයෙන් අවසර

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු වන චමින්ද රවී ජයනාත් නොහොත් ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තා ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ (05)  අවසර ලබා දුන්නේ ය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව  මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් අධිකරණ නියෝග ඉල්ලා සිටියේ ය.

''ස්වාමීනි මෙම සිද්ධියේ රඳවා ප්‍රශ්න කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින  තමරා කුමාරි අබේරත්න යන සැකකාරිය ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් ලෙස විමර්ශන අනාවරණය කර තිබෙනවා. ඇය විසින් මෙම ඝාතන සිද්ධිය මෙහෙයවා තිබෙනවා. මෙමඝොතන සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ඇය බවට මේ වනවිට අනාවරණ්‍ය කරගෙන තිබෙනවා,'' යැයි කී කොළඹ අපරාධ කොට්ඨාසය මේ වනවිට රඳවා ප්‍රශ්න කරන කෙසෙල්බද්දර පද්මේ ඇයව මෙහෙයවා ඇතැයි ද කියා සිටියේය.

''ස්වාමීනී...,

ඇය තමයි මේ ඝාතනය පැමිණි වෙඩික්කරු වන පළමු සැකකරු සහ 15 වන සැකකාරියව ආරක්ෂිතව අධිකරණ පරිශ්‍රයට රැගෙන විත් තිබෙන්නේ. සැකයක් නොවන ආකාරයට ඇය ඔවුන්ව රැගෙන විත් තිබෙනවා. නිතිඥවරුන් ලෙස ඇතුළු වීමටඅ වශ්‍ය පහසුකම් සලසා තිබෙන්නේ මේ සැකකාරිය යි. ගිනි අවිය පොතක් තුළ බහා රැගනෙ ඒමට නීති පොත සකස් කර දී තිබෙන්නේද ඇය යි. පළමු සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී පොලිස් බාරයට ගත් නිතිඥ හැඳුනුම්පතේ සඳහන් අත්සන ඇය යොදා ඇති බවට අනාවරණය කර තිබෙනවා. ඇයගේ අත් අකුරු සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ආදර්ශ අත්සනක් අවශයයි. පළමු සැකකරුත් කෙහේල්බද්දර පද්මේ සමග සබඳතා පත්වලා.''

විවෘත අධිකරණයේ ප්‍රකාශ කර නොහැකි කරුණු අධිකරණය දැනුම් දීමට මෙම නඩුකරය නිල මැදිරියේ කැඳවන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ය. එසේම මෙම අපරාධය සිදු වන දින බුස්ස බන්ධනාගාරයේ සිට වැලිසරට යොමු කළ චමින්ද රවී ජයනාත් නොහොත් ‘දෙමටගොඩ චමින්ද' යන අයගෙන් ලබන ජුනි මස 7 වනදා ප්‍රකාශයක් ලබා ගැනිමට අවසර ලබා දෙන ලෙසද  කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

 තමරා කුමාරි අබේරත්න යන අය වෙනුවෙන් නිතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මාස හයක් තිස්සේ රඳවා ප්‍රශ්න කළ ඇය ගෙන් ප්‍රකාශ දෙකක් පමණක් සටහන් කරමින් රඳවා තබාගෙන ඇයට බලවත් අසාධාරණයක් කර ඇති බව ය. එසේම ඇය ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදු කර නැති බවත් නිතිඥවරයා දන්වා සිටියේය. ඒ අනුව ඇයට අදාළව සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් කැඳවන ලෙස අධිකරණයෙන් අජිත් පතිරණ ඉල්ලා සිටියේ ය. ඒ අනුව ඉදිරි දින සැකකාරිය සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න