රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය සරත් සේපාලට

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය සරත් සේපාලට

රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක කපු මහත්මා ගේ වියෝයෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා සරත් සේපාල තිඹලත් රත්නායක මහතා තෝරා පත් කර ගෙන ඇත.

ඒ, කපු මණ්ඩලය විසින් යෝජනා සහ ස්ථීර කිරීමෙන් පසු නිලමේතුමන් වෙත කරන ලද ඉල්ලීමකට අනුව ය.

සරත් සේපාල තිඹලත් රත්නායක මහතා මෙතෙක් කටයුතු කළේ තේවේ කපු රාළ සහ පෙරහර බලන කපු රාළ ලෙස ය. ඔහු රුහුණු මහා කතරගම දේවාලයේ, වල්ලි අම්මා දේවාලය යන උභය දේවාලවල කපු ධුරන්දරව කටයුතු කළ චාල්ස් තිඹලත් රත්නායක කපු මහතා ගේ සහ එම මැතිනිය ගේ පුත්‍රයෙකු වේ.

එමෙන්ම මාගම වලව්වත්ත පරපුරේ තිඹලත් රත්නායක සොලමන් අප්පු කපු රාළ ගේ මුණුබුරා වූ සරත් සේපාල කපු මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න