නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සඳහා (online payment) මාර්ගගත ගෙවීම් පහසුකම් ලබා දීම පෑලියගොඩ මැනිං පොදු වෙළෙද සංකීර්ණයේ දී අද (2) සිදුකෙරිණි.
රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩසටහනේ තවත් තිරසර ඉදිරි පියවරක් ලෙස මෙම පියවර ගත් බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මෙහි දී පැවසී ය.
නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභීන් සඳහා ආරක්ෂිත විනිවිද බවින් යුත් මාර්ග ගත ගෙවීම් සේවාවක් හරහා ඩිජිටල් ආර්ථිකය සක්‍රීය කිරීම මෙහි මූලික අරමුණ යි.
නාගරික සංවර්ධන අධිකාරියේ https://fmis.uda.lk/login දරන මාර්ග ගත යෙදුම භාවිත කර පෑලියගොඩ මැනිං වෙළද පොළේ දැනට ලියාපදිංචි 1400 අධික ව්‍යාපාරික පිරිසකට govpay හරහා සිය ගෙවීම් කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ පහසුකම් මේ මගින් සැලසේ.
එමෙන්ම මෙහි ඉදිරි ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාසවල පදිංචි 13,500 අධික පිරිසකට ද දෙවන අදියර යටතේ ඩිජිටල් වේදිකාවට පිවිස ජල, විදුලි, වරිපනම් බදු ඇතුළු ගෙවීම් පහසුකම් සිදු කර ගැනීමට හැකිවනු ඇතැයි අමාත්‍යාංශය පවසයි.


