ලෝක වෙළෙඳපොළේ රත්රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර අද (28) වනවිට ලෝක රන් මිල ඩොලර් 5250 දක්වා ඉහළ ගොස් ඇත.
ඊට සාපේක්ෂව මෙරට රත්රං මිල ද ඉහළ ගොස් තිබෙන අතර කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙ හි අද උදෑසන නිකුත් කළ නවතම දත්ත අනුව රත්රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 10,000ක් බව සඳහන්ය.
ඊයේ දිනයේ දී රු. 394,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 405,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ "කැරට් 22" රන් පවුමක් මිල රු. 374,600ක් ලෙස දැක්වුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
