ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීති විරෝධී භාණ්ඩ තොගයක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාවකට මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදුකරයි.
සැකකාර පොලිස් නිලධාරියා මීට පෙර වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කර ඇත.
ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහෝදරයෙකුද වන බව වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
