උවිඳු කලින් ම ඇඟ බේරාගෙන පැන්නා-  භාරත අනුර වෙනුවෙන් තනිව ම සටන් කරනවා |  (එරන්ද ගිනිගේ)

උවිඳු කලින් ම ඇඟ බේරාගෙන පැන්නා-  භාරත අනුර වෙනුවෙන් තනිව ම සටන් කරනවා |  (එරන්ද ගිනිගේ)

භාරත තෙන්නකෝන් නමැත්තා උවිඳු කුරුකුලසූරිය නමැත්තාට සාපේක්ෂව හොඳ මිනිහෙක්.

අනුර කුමාරට අමාරුම වෙලාවේ ඔහුව අත් නොහැර ඔහු වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් භාරතට මා ගරු කරනවා. උවිඳු කියන්නේ ඒ අතින් අධමයෙක්. එකට කාලා එකට ලැගලා අන්තිමට නැව ගිලෙනවා කියලා පේන කොට ම කපිතාන්ට ගහලා පැනලා යන නිවටයෙක්. නමුත් භාරත නැව ගිලෙනවා කියලා දැක දැක අනුර වෙනුවෙන් කථා කරනවා. ඒ නිසා භාරත “තවමත්” අනුරට කල්‍යාණ මිත්‍රයෙක්.


friends1මුන් දෙන්න ම රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණ කරලා රට පැනලා සරණාගත වීසා ගහගෙන ඉන්න දුදනන්. සුද්දන්ගේ අනුකම්පාව අරගෙන සරණාගතව ඉඳගෙන ලංකාවේ නූගත් ගොඩේ මෝඩයන්ට ලොරි ටෝක් දෙන අවධාන හිඟන්නන්. නමුත් ඒ දෙදෙනා අතරින් භාරතට තිබෙනවා උවිඳුට වඩා සදාචාරයක්. උවිඳු අනුරට කළේ මහා කැත වැඩක්. අමුතිත්ත කුණුහරුපයකින් අමතලා දැන් දිගට හරහට අනුරට ගහනවා. බල්ලෙක්වත් නොකරන වැඩ. ඒක හරියට ගෝඨාභයට ඡන්දය දුන් එවුන් අරගලයට සහාය දුන්නා වගේ සක්කිලි වැඩක්. භාරත නූගත්කමට අහංකාර ගොන් කථා කිව්වත් ඔහු උවිඳු වගේ ගෙරි වැඩක් කළේ නැහැ.

අනුරට ඇත්තට ම මිත්‍රයන් නැති තරම්. අනුර තනි මිනිහෙක්. ඔහුට අවංකව ම හිතවත් දෙතුන් දෙනෙක් ඇති. එච්චරයි. ඔහුගේ කැබිනට් බානේ එකෙක් එකියක් අනුරට අවංකව උදව් කරන්නේ නැහැ. උන් ඔක්කොම කරන්නේ ඔහුට තවත් මරාල ලෙඩ දාන එක විතරයි. මට වෙලාවකට හිතෙනවා උන් ඔය ගොන් කථා මාධ්‍ය ඉදිරියේ කියන්නේ උවමනාවෙන්මයි කියා… ජවිපෙ නායකත්වයත් ඔහුට අවංකව සහාය දෙන්නේ නැහැ. මාලිමාවේ හරිනි බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ අනෙක් පැත්තට පනින්න ද කියලා.

මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ආපදාවක් වැළැක්වීමට ගත හැකිව තිබූ ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් අනුරට ඉදිරියේ දරුණු නෛතික ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඔහුට එයට මුහුණ දෙන්න වෙන්නේ තනියම.

 

anura2

එහෙම වෙලාවක ඔහු වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් භාරතට මගේ ආචාරය. අනුර තේරුම් ගන්න ඕනා භාරත පමණයි ඔහුට විශ්වාස කළ හැක්කේ කියා. භාරතටත් වගවීමක් තිබෙනවා අනෙක් කවුරු අත්හැරියත් අනුරව අත් නොහැර සිටීමට, මනුෂ්‍යත්වයේ නාමයෙන්.

ලංකාවට කිසිම විදිහකින් ඔළුව උස්සන්න වෙන්නේ නැහැ, මිත්‍රවරුනි. අධාර්මික ගුණමකු මෝඩ යක්කු වගේ මිනිස්සු ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. පරිහානිය එන්න එන්න උග්‍ර වෙනවා පමණයි. ලංකාව අන්ත අසාර්ථක පරාධීන කොලනියක් වීම දැන් සක්කරයටවත් වළක්වන්න බැහැ. අර්බුදය තීව්‍ර වෙන කොට බලන්නකෝ.

අනුරට කිට්ටු වෙලා සල්ලි ගරන ඔය බිස්නස්කාරයෝ ටික ක්ෂණයකින් පාට මාරු කරනවා. ඕකුන් ටික ඕකම කළා ගෝඨාභයට. උන් ඒකම අනුරට නොකළොත් උන් නොට්ටිගේ පුත්තු.

අනුර අර්බුදයේ ගිලෙමින් එහි අතරමං වෙමින් සිටිනවා. මේක භාරත සහ උවිඳු දෙන්නට ම පේනවා. උවිඳු කලින් ම ඇඟ බේරාගෙන පැන්නා. නමුත් භාරත අනුර වෙනුවෙන් තනිව ම සටන් කරනවා. මා හිතනවා ඔහු අවසාන මොහොත දක්වා ම ඒ සටන කරයි කියලා. සිය අනුකම්පා සහගත සරණාගත ජීවිතයට යම් හෝ සැබෑ අරුතක් එයින් ඔහුට ලැබෙනු ඇති. ධර්මය ඔබට මග වේවා!


eranda
(එරන්ද ගිනිගේ )
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
MPM (Sp. B. Admin.), BSc (Sp. Genetics)
Former Head of Partnerships, Business Development & Innovation - British Council Sri Lanka
(උපුටා ගැනීම : ගිනිහුළ)
2025 දෙසැම්බර් 11


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න