'ආදරය' අරගෙන නාමල් අවතැන් වූ දරුවන්ට පොත්පත් පාසැල් උපකරණ ලබා දෙයි

'ආදරය' අරගෙන නාමල් අවතැන් වූ දරුවන්ට පොත්පත් පාසැල් උපකරණ ලබා දෙයි

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ "ආදරය" වැඩසටහන ඊයේ හම්බන්තොටදී පැවැත්විණි.

මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් 04කදී දහසකට වැඩි දරුවන් ප්‍රමාණයකට මෙලෙස පොත්පත් හා පාසැල් උපකරණ බෙදා දෙන ලදී.

මෙසේ ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා අනෙකුත් දිස්ත්‍රික්කවලද සිදු කරන බව නාමල් රාජපක්ෂ පැවසීය.මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ආයතනද සහභාගි කරගෙන මෙම "ආදරය " වැඩසටහන දියත් කර ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.

මෙම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනාට මෙම සද්කාර්‍යට සහභාගී වන ලෙසද නාමල් රාජපක්ෂ ඉල්ලීමක්ද කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න