2026 අයවැය යෝජනා මෙන්න............

2026 අයවැය යෝජනා මෙන්න............

2026 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් අද (නොවැ: 06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ජනාධිපතිවරයා අද සිය 2026 අයවැය කතාව ආරම්භ කරමින් කියා සිටියේ 'ආර්ථික අස්ථාවරභාවය ගැන කිසිවෙකුත් සැක තබා ගත යුතු' නැති බවයි.

2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරන බව ද එහිදී ඔහු කියා සිටියේය.

* සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් 2026 වසරේදී සමාලෝචනයක්

* රාජ්‍ය වත්කම් පනත 2026 වසරේදී සම්මත කිරීමට සැලසුම්

* 2026 වසරේදී අධිකරණය නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක්

* සියලු දෙනාගේ වත්කම් ප්‍රකාශ කිරීම සඳහා ඩිජිටල් පද්ධතියක්

* නව බදු සහන දීමේ ක්‍රමවේදයක් වෙනුවෙන් ක්‍රමෝපායික සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනයට පියවර

* සරල කළ වැට් බදු ක්‍රමය (SVAT) 2025 ඔක්තෝබර් 1 වන දින සිට අවලංගු කර ඇති අතර, බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ අනිසි භාවිතය අඩු කිරීම සඳහා අනුමත මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලියකට මාරු වී ඇත.

* අයවැය හිඟය 5.2% දක්වා අඩු කරන බව ජනපති පවසයි.

* ‘අස්ථාවරත්වය පුරෝකථනය’ කිරීම රජයේ මුල්‍ය උපායමාර්ගය බව ජනපති කියයි

* විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්.

* ආයෝජන කලාප ආශ්‍රිතව සේවා කලාප ගොඩනැංවීමට තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා.

* බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ දැනට නැවත දමා ඇති සංචර්ධන ව්‍යාපරය ලබන වසරේ මුල් කාර්තුවේදී නැවත අරඹයි

* නුවරඑළියේ හා දිගන අලුතින් තාක්ෂණික ආයෝජන කලාප දෙකක් ආයෝජන මණ්ඩලය හරහා ඉදිකිරීමට යෝජනා

* ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර

* 2026 පළමු කාර්තුවේදී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ජනපති කියයි

* ඩිජිටල් පද්ධති හරහා මහජනතාව සිදුකරන ගනුදෙනු වෙනුවෙන් රාජ්‍ය සේවා ගාස්තු අය නොකරන බව ජනපති පවසයි.

* ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක්.

* ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටු වීමට පියවර

* මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට පියවර

* බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කිරීමට පියවර. ඒ සඳහා රුපියල් මිලියන 2500ක් වෙන් කිරීමට යෝජනා

* බන්ධනාගාර පද්ධතිය සහ එළිමහන් සිරකඳවුරු කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 100ක්

* අස්වැසුම් පවුල්වල දරුවන්ට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල වව්චර් පත්.

* ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහන

* Al දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීම්.

* පාසල් දරුවන්ට පොත්පත් මිලදී ගැනීම වෙනුවෙන් ලබාදුන් රුපියල් 6,000 දීමනාව 2026 වසරේදීත්

* මහපොළ ශිෂ්‍යධාර මාසික දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට යෝජනා. ඒ අනුව ලබන වසරේ ජනවාරි සිට මහපොළ මාසික දීමනාව රුපියල් 10,000ක් වනු ඇත

* මහල් 16කින් යුත් ජාතික හෘද රෝග ඒකකය ආරම්භ කිරීමේ මුලික වැඩ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 12,000ක්

* මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කෙරේ

* වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11,000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ

* ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් රුපියල් මිලියන 500ක්

* ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක්.

* රජයේ සේවය සඳහා සියයට 3ක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට යෝජනා

* අඩු ආදයම් ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් 5000ක් ලබා දීමට යෝජනා

* 2026 ජනවාරි මාසයේ සිට වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1350 සිට 1550 දක්වා වැඩි කිරීමට යෝජනා. මෙයට අමතරව දෛනිකව පැමිණීමේ දිරි දීමනාවක් ලෙස රජයෙන් තවත් රුපියල් 200ක් ලබා දීමට යෝජනා කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කෙරේ.

* රාජ්‍ය අංශය සඳහා 2025 ක්‍රියාත්මක කළ වැටුප් සංශෝධනවලට අනුව දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 110ක ප්‍රතිපාදන වෙන් කෙරේ. ඒ අනුව, 2026 ජනවාරි මාසයේ වැටුපේ සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කෙරේ.

* රජයේ සේවකයින්ට ලබා දුන් දේපළ ණය යෝජනා ක්‍රමය, නව ව්‍යූහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය කෙරේ. එහිදී පළමු ලක්ෂ 30 දක්වා 4% පොලී සහනයක් සහ රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා සියයට 2ක පොලි සහනයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා

* වාහන අලෙවියේ දී අය කරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කර ගැනීමක් සිදු නොවන බවක් නිරීක්ෂණය වී ඇති නිසා ආනයනික අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේ දී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර, පසූ අලෙවිකරණ අවස්ථාවලදී මෙම බද්ද නිදහස් කිරීමට යෝජනා. මෙය 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

* බදු පදනම පුළුල් කිරීම සඳහා එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා.

* කොළඹ වරාය හා වරාය නගරය වෙත මාර්ග සබඳතාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් කුළුණු මත අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින අතර එම අධිවේගී මාර්ගය ජාතික මාර්ග පද්ධතිය වෙත එකතු වීමත් සමඟ කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව ලෝටස් වටරවුම ප්‍රදේශයේ හා තදාසන්න ප්‍රදේශවල ඇති වේ යැයි අපේක්ෂිත රථවාහන තදබදය අවම කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් කුළුණු මත ඉදි කෙරෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වරාය නගර අන්තයේ සිට සමුද්‍රීය මාර්ගය (Marine Drive) දක්වා සම්බන්ධ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට රුපියල් මිලියන 330 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා

* පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම, පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආදායම් උත්පාදනය වැඩසටහනේ සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන් කිරීමට යෝජනා

* 75,000 කට ආසන්න පිරිසක් නිසි ක්‍රමවේදයක් යටතේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබේ.

* ළමා රැඳවුම් නිවාසවල ජීවත් වී සමාජගත වුවන්ට සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් හඳුනාගෙන ඇති අවදානමට ලක්වී ඇති දරුවන්ගේ පවුල්වලට, ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීමට, තමන් සතු ඉඩමක නිවසක් ඉදිකිරීමට හෝ පවතින නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 02 ක මුල්‍ය ප්‍රතිපාදනයක් ලබා දීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කිරීමට යෝජනා.

* උතුරු නැගෙනහිර පළාත්වල පැවති යුද්ධය හේතුවෙන් කිසිම නිවසකට හිමිකමක් නොමැති පවුල් වෙනුවෙන් නිවාස 2,500 ක් ඉදිකිරීම සඳහා දැනට වෙන්කර තිබෙන රුපියල් මිලියන 3,850 ක ප්‍රතිපාදනය රුපියල් මිලියන 5,000 ක් දක්වා කිරීමට යෝජනා.

* ඉන්දීය රජයේ සහයෝගය සහිතව මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වෙසෙන මලයගම් වතු කම්කරු ප්‍රජාවගේ නිවාස සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම උදෙසා නිවාස 2,000 ක් ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 4,290 ක් වෙන් කර තිබෙනවා. තවද, ඉන්දීය රජයේ සහයෝගය සහිතව දැනට උතුරු සහ දකුණු පළාත්වල ඉදිවෙමින් පවතින නිවාස 943 ක වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 1,305 ක් වෙන් කිරීමට යෝජනා.

* කොළඹ සහ තදාසන්න නගරවල ‘නාගරික වතු’ ලෙස හෝ අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස ලෙස හඳුනාගත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඇපල්වත්ත, මාදම්පිටිය, ෆර්ගසන් මාවත, ඔබේසේකරපුර, ස්ටේඩියම්ගම, කොළඹගේ මාවත සහ ටොරින්ටන් පෙදෙස නිවාස

* ඉදිකිරිම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීමට යෝජනා.

* අඩු අදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුවලට පිළියමක් ලෙස ලබන වසරේ සිට “තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර ඒ යටතේ නිවාස 70,000 ක් මධ්‍යකාලීනව ඉදි කිරීම අපේක්ෂා කරනවා. ඒ සඳහා, 2026 වසරේ නිවාස 10,000 ක් ඉදිකිරීම වෙනුවෙන් දැනට වෙන්වී ඇති රුපියල් මිලියන 7,200 ට අමතරව තවත් මිලියන 3,000 ක් වෙන් කිරීමට යෝජනා.

* සුරතල් සතුන් භූමදානය කිරීම, ආදාහනය කිරීම සහ වීදි සතුන් රැක බලා ගැනීම සඳහා සේවා සැපයීම දිරිමත් කිරීමේ අරමුණින්, කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනයන් හී නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා.

* රජයේ සේවකයින්ට ලබා දෙන පොලී රහිත රුපියල් 10,000 ක උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට යෝජනා.

* දැනට කියාත්මක වන 0%, 15%, 20% වන තීරු බදු අනුපාත, 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි තීරු බදු අනුපාත 0%, 10%, 20%, 30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යෝජනා.

* ආනයනික රෙදි මත වන සෙස් බද්ද ඉවත් කිරීමටත් ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද පැනවීමටත් යෝජනා. මෙම යෝජනාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා.

* අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සේවයේ නිතර ගේට්ටුකරුවන්ට ගෙවන දීමනාව රුපියල් 15,000 දක්වා වැඩිකර ගෙවීමට රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා.

* අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමේ දී විදුහල්පතිවරුන්ගේ පරිපාලන වගකීම් සහ වගවීම අගය කිරීමක් වශයෙන් විදුහල්පති තනතුරෙහි සේවයේ නිරත විදුහල්පතිවරුන් සඳහා ලබා දෙන විදුහල්පති දීමනාව රුපියල් 1,500 කින් වැඩි කිරීම හා අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා.

* දුෂ්කර ප්‍රදේශවල පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනා වසර 20 කින් වැඩිකිරීමට කටයුතු කර නොමැති බැවින් එම ගුරුවරුන් අභිප්‍රේරණය කිරීම සඳහා එම දීමනාව රුපියල් 1,500 කින් වැඩි කිරීමට යෝජනා.

* රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් සීමාව වෙනුවෙන් රුපියල් මිලියන 10,000 ක් වෙන් කිරීමට යෝජනා.

* රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ
* යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12,500 ක් වෙන් කිරීමට යෝජනා

* විදේශගත ශ්‍රමිකයන්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් සහ විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා.

(උපුටා ගැනීම | බීබීසී සිංහල )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න