'අල්ලස දූෂණය පිටුදැකීමේ වැඩපිළිවෙළ නිසා විදෙස් ආයෝජන වැඩිවෙමින් තියනවා' -'පිරිපුන් සංවිධානය'

ඉංජිනේරු ආනන්ද දේවසිංහ

අල්ලස දූෂණය පිටුදැකීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළ විදෙස් ආයෝජන පවා වැඩි වශයෙන් මෙරටට පැමිණීමට හේතු වී ඇතැයි 'පිරිපුන් සංවිධානයේ සභාපති ආචාර්ය ආනන්ද දේවසිංහ මහතා ප්‍රකාශ කරයි.

"වෙනස් කළ තැනින් ඔබ්බට පිරිපුන් දේශයක් කරා“ නැමැති වැඩපිළිවෙළ හඳුන්වා දෙමින් ඔහු එසේ කීය.

රට පෙරට ආ යුත්තේ අඩු පාඩු නිවැරදි කර මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩපිළිවෙළක් හරහා යයිද ඒ මහතා කීය.

එම සංවිධානය හා එහි ඉදිරි දැක්ම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු තවදුරටත් මෙසේ අදහස් දැක්විය.

පිරිපුන් සංවිධානය කියන්නෙ ම වැඩ පිළිවෙලක් මත ක්‍රියා කරන හා ඕනෑම ප්‍රශ්නයක් දෙස වෘත්තීය මට්ටමෙන් තීන්දු තිරණ ගෙන සමාජය වෙත නිවැරදි දේ අවබෝධ කර දීමට උත්සහ කරන කණ්ඩායමක්. ඒ අනුව මේ වෙන විට රට තුළ උද්ගතවෙමින් පවතින යම් යම් සිද්ධීන් හා පිරිපුන් සංවිධානයේ අතීත, වර්තමාන හා අනාගත වැඩ පිළිවෙල පිළිබදව යම් විග්‍රහයක් ජනතාව වෙත ඉදිරිපත් කරන්නෙ එය රටේ ජනතාවෙගේ බුද්ධිය අවදි කිරීමට පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කරන බැවිනි .

පිරිපුන් සංවිධානය 2019 සිට රට ගොඩ නැගීම වෙනුවෙන් වෘත්තිකයින් එකතු වී ස්වේච්ඡාවෙන් වසර 15ක් සදහා වූ ( 2025-2045) කල සීමාව සදහා රට සංවර්ධනය කිරීම සදහා වෘත්තීය මට්ටමේ උපාය මාර්ගික සැලසුමක් ගොඩ නගන ලදී.

ඒ තුළ කිසිදු දේශපාලනික බලපෑමකින් තොරව නියම විද්‍යාත්මක ක්‍රමවේද හරහා රට ගොඩ නැගිය යුතු ආකාරය (KPI) (උපාය මාර්ගික ඉලක්ක සහිතව) ඉදිරිපත් කර, 2023 වසරේදී ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සහා එම වැඩ පිළිවෙල පිලිබඳව මාස 6ක් තිස්සේ රටේ විශාල දේශපාලනික පක්ෂ , සිවිල් සංවිධාන, වෘ ත්තීය වේදීන් වෙන වෙනම ඔවුන්ගේ දෙපා මුලට ගොස් දැනුවත් කිරීම කරඇත. අපි සියලු දේශපාලන නායකයින්ට යෝජනා කෙළේ " නායකයා” කියන සුපුරුදු සටන් පාඨය වෙනුවට “ රට හදන දීර්ඝ කාලින උපාය මාර්ගික සැලසුම” ඉදිරියට ගෙන මේ රට වසර 15 සියලු දෙනා එකතුවී රට ගොඩ නැගීමට එකතු වෙන ලෙසය.

කෙසේ වෙතත් ඉන් ඔබ්බට අප ජන වරම තුළ අවබෝධ කරගත් දෙයක් තිබුණි .එනම් ජනතාව ඒ මොහොතේ මෙවන් වෘත්තීමය වැඩපිළිවෙළක් පිළිබඳව ලොකු කැමැත්තක් හෝ දීර්ඝකාලීන වැඩ පිළිවෙලක අවශ්‍යතාවයක් ඔවුන්ට නොතිබුනු බවයි.

ඒ වෙනුවට ජනතාව ඒ මොහොතේ තීරණය කළේ රට විනාශ වුනේ ,එහෙම නැත්තම් අපි දුක් විදින්නෙ මෙතෙක් පාලනය කරපු පාලකයින්ගේ දූෂණ ක්‍රියාවළිය නිසාවෙනි, ඒ නිසා ඔවුන්ගෙන් පලිගත යුතුයි පළමුව කියන මතයේ සිට උගත්/නූගත්, ග්‍රාමීය/නාගරික, දෙස්/විදෙස් ගත සියලු කණ්ඩායම් මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කර ඇත කියන විග්‍රහය අපි තුළ තිබේ.

කෙසේ වෙතත් අද වන විට රට තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් එම දූෂණ වංචා පාලනයක් වෙමින් තියෙන තත්ත්වය තුළ පිරිපුන් සංවිධානය ලෙස අපි දකින්නෙ මෙම තත්ත්වය අසීරු දෙයක් වන අතර එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයා යුතුය. ඉන් ඔබ්බට දැන් සිදුවෙන වැරදිත් නිවැරදි කර ගෙන යා යුතු බවයි.

එසේ නොමැතිව තව දුරටත් පැරණි කණ්ඩායම මොනම ආකාරයෙන් හරි පැරිණි දේශපලනය තුළ දූෂණයට වංචාවට නියමින් හෝ අනියමින් උදව් උපකාර කළ ) නැවත එකතු වී මෙම හොද වැඩ පිළිවෙලෙහි අඩු පාඩු පෙන්වමින් නැවත දූෂණ රාජ්‍යක් ඇති කිරීමට උත්සහ කරන්නේ නම් එය පිරිපුන් සංවිධානය ලෙස කිසිසේත් අනුමත නොකරන අතර එවන් කණ්ඩායම සමග දේශපාලනයට සම්බන්ධ වීම කිසිස් සේත් ඉදිරියේදී කිරීමට බලා පොරොත්තුවක් නැත.

වරක් අනුර කුමාර ජනාධිපතිවරයා විසින් ම ප්‍රකාශ කළ පරිදි මේ රටට අපි ගොඩ නැගිය යුත්තේ පවතින රජයට වඩා හොඳ පාලනයක් විනා ගෙනා තැනින් ආපස්සට ගෙන යන පාලනයක් නොවේ.

එබැවින් පිරිපුන් සංවිධානය ලෙස මේ වෙන විට උත්සහ කරමින් සිටිනුයේ අප යෝජනා කරන උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කළ හැකි පාලකයින් පිරිසකගෙන් යුත් නව කණ්ඩායමකි.

අපි අලුත් අයට මේක කරන්න බෑ” කියන මතය තරයේ ප්‍රතික්ෂේප කරන අතර දේශපාලනයටත්, පාලනයටත් නව නායකයින් ගෙන ආ යුතු අතර ඔවුන් කළමනාකරණය පිළිබඳව අධ්‍යාපනය මෙන්ම ප්‍රායෝගිකව අත්දැකීම සහිත පුද්ගලයින් යොදා ගත යුතු බව විශ්වාස කරනවා.

එහෙම නැතුව පැරණි දේශපාලකයින් එකතු කරගෙන තමන්ගේ ගොඩ පෙන්නමින් ඉදිරියට යන්න උත්සහ කරන සාම්ප්‍රදායික දේශපාලනය තුළ රට ඉදිරියට නොයනු ඇත.

අපි මේ මොහොතේ මේ රටේ නව පාලනය තුළ දකින ප්‍රධානම අඩුපාඩුව නම්, මොවුනුත් පැරණි රජයන් මෙන්ම අඳුරේ අතපත ගාමින් අඹ ගසට පොලු ගසන න්‍යායෙන් ජනතාව තාවකලිකව සතුටු කරමින් ඡන්ද ගොඩ ගැසීමේ ක්‍රියාවලියක යෙදෙන අතර රට ගොඩ නගන දිර්ඝකාලින සැළසුමකට අනුව ක්‍රියාත්මක කරන බවක් දක්නට නොමැත.

ප්‍රධානම අඩුපාඩුව නම් ඉතාමත් දරුණු දේශපාලන පත්වීම මත රාජ්‍ය යාන්ත්‍රය හැසිරවීම විනා සුදුසු තැනට සුදුසු පුද්ගලයින් පත්කර රට ගොඩ නැගීම සදහා රටේ සම්පත් දායකත්වය ලබා නොගන්නා බවයි.

එබැවින් අපි පෙරට ආ යුත්තේ මෙම අඩු පාඩු නිවැරදි කර මෙතනින් ඔබ්බට රට ගෙන යාමට අලුත් නායකයින් හදන වැඩ පිළිවෙලක බව පිරිපුන් සංවිධානයේ මතය වේ.

(සටහන - ජේ.මුණසිංහ)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න