ඔහු මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ ස්ථාවර නියෝග 27 (2) යටතේ අද පාර්ලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කළ විපක්ෂ නායකවරයා...
'' කොවිඩ් කාලයේ සහ කොරොනා කාලයේ සංවර්ධන නිලධාරී ක්ෂේත්‍රයේ 16600ක් ගුරු සංවර්ධන නිලධාරීන් ලෙස කටයුතු කළා. මේ සභාවේ සිටින මැතිඇමතිවරු පවා මොවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන බවට මැතිවරණ සමයේ පොරොන්දු වුණා. ඊට අමතරව සමතකරණ තීන්දුවක් ද තිබෙනවා. එවැනි දෙයක් තිබිය දී මොවුන් ගුරු සේවයට බඳවා ගත නොහැක්කේ ඇයි?
මේ 16600 ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්න. උපාධි ඇබෑර්තු 52000ක් තිබිය දී රැකියා විරහිත උපාධිධාරීන් 35000ක් බඳවාගෙන තිබෙනවා. මොවුන්ට රැකියා ලබා දී ගුරු සංවර්ධන නිලධාරීන් ද ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා සිටිනවා. ගම්පහ වික්‍රමාරච්චි ආයතනයේ අනීතිකව විෂය නිර්දේශ වෙනස් කර තිබෙනවා. එහි දේශන ශාලා, විද්‍යාගාර යනාදි අඩුපාඩු රැසක් පවතිනවා. මේවා ගැන ද අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.''
වීඩියෝ