72 වැනි ලෝක රූ රැජිණ තායිලන්ඩ් නියෝජනය කරමින් පැමිණි ඔඔපල් සුචාටා චොන්සිරිට දිනා ගෙන තිබේ.
1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ මැයි 7 වැනිදාය.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි.
එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.
2025 මැයි 31 වන දින ඉන්දියාවේ හයිද්‍රාබාද් හි හයිටෙක්ස් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී කිරුළ පැළඳූ අතර, එහිදී ඇයගේ පූර්වගාමියා වූ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් ඇයට කිරුළු පළඳවන ලදී.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
