තිබ්බ බදු ප්‍රමාණයටත් වඩා තෙල්වලට බදු ප්‍රමාණය වැඩි කරා. අවසානයේදී පීඩනයට පත්වෙන්නේ රටේ ජනතාව යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී පිරිසක් සමග කළ සාකච්ඡාවකදිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
"එක පැත්තකින් ජීවන වියදම. දැන් තෙල්වලට පොඩි සහනයක් දුන්නා කියලා අනිත් පැත්තෙන් තෙල් මිල වැඩි වෙනවානේ. තෙල්වල බද්ද වැඩි කරලා. නැවෙන් බාන ගානට තමයි තෙල් දෙන්නම් කිවුවෙ. කොමිස් ගහනවා කිවුවා. අඩු ගානේ තෙල්වල බද්ද අඩු කරන්න. තෙල්වලට දැන් ප්‍රායෝගික, දැන් ආණ්ඩුව දාලා තියෙන බද්ද යම් ප්‍රමාණයක් අඩු කරන්න. එහෙමනේ පොරොන්දු වුණේ. තිබ්බ බදු ප්‍රමාණයටත් වඩා තෙල්වලට බදු ප්‍රමාණය වැඩි කරා. අවසානයේදී පීඩනයට පත්වෙන්නේ ජනතාව.
පඩි වැඩි නැතත් ජීවන වියදම ඉහළ ගිහින්
තවත් පැත්තකින් කිරිපිටිවල මිල ගත්තත්, අත්‍යවශ්‍ය ආහාරවල මිල ගත්තත්, ඒ හැම මිලක්ම ජීවන වියදමට එකතු වෙලා තියෙන්නේ. ඒ හා සමානව පඩි වැඩි වෙන්නේ නෑ. දැන් ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට අනුව ගෑස් පෝලිමක් නෑ. හැබැයි ගමට ගියාම, නගරවලට යනකොට ගෑස් පෝලිම් ගැන, තෙල් පෝලිම් ගැන ජනතාව කතා වෙනවා. ඒක දකින්න තියෙනවා.
ආණ්ඩුවේ විසඳුම අලුත් බදු සහ විපක්ෂ මර්දනයද?
හැම දෙයක්ම මිනිස්සුන්ගෙන් තමයි වැඩි වෙලා තියෙන්නේ. දැන් මේකට ආණ්ඩුවේ විසඳුම මොකක්ද? ආණ්ඩුවේ විසඳුම තවත් අලුතෙන් බද්දක් ගහන එකද? එහෙම නැත්නම් සුපුරුදු පුරුද්ද වගේ අපි හොරු අල්ලනවා කියලා පරීක්ෂණ කරන එකද? මොකක්ද ආණ්ඩුවේ සූදානම?
බොරු සාක්ෂි හදලා හරි විපක්ෂය මර්දනය කරන්නනෙ හදන්නෙ. විපක්ෂය විතරක් නෙවෙයි ජනතාවත් මර්දනය කරන තැනට අද ඇවිල්ලා. අද අඩුම සංවර්ධනයක් වෙලාද? මොකක් හරි ආණ්ඩුවට ප්‍රශ්නයක් ආවම කවුරු හරි ඇතුළට දානවා ඔච්චරයි ආණ්ඩුව දන්නෙ.
ජනතා ජීවන වියදම පාලනයට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ
ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, දරාගත හැකි තැනකට මේ රටේ ජීවන වියදම ගේන්න, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කරන්න, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කරන්න, කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් අද වෙනකන්, මේ අවුරුදු දෙක හමාරක් ඇතුළත ක්‍රියාත්මක කරලා නෑ. උද්ධමනය 8%ත් ඉක්මවා තියෙනවා. හැබැයි මාසෙන් මේක වැඩි වෙනවා."
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
