ජනපතිට අපහාස කළා කියන තුසිත හල්ලොලුව CID යට කැඳවයි !

ජනපතිට අපහාස කළා කියන තුසිත හල්ලොලුව CID යට කැඳවයි !

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව, එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය කරන ලද තුසිත හල්ඔළුව යන අයට හෙට (07) උදෑසන 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත විසින් පසුගිය 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රීසියේ විශාල ආයෝජනයක් කර ඇති බවට තුසිත හල්ලොලුව පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න