ගම්පහ පාසල් 67කට සාගලගෙන්  ක්‍රිකට් උපකරණ !

ගම්පහ පාසල් 67කට සාගලගෙන්  ක්‍රිකට් උපකරණ !

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව, සාගල රත්නායක මහතාගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක Youth vision 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක  සඳහන් කළේ ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වැදගත් බවයි. එසේම රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඉකුත් දෙවසර තුළ කැපවී කටයුතු කළ බවත්, එම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කර දූෂණයෙන් තොර ක්‍රමවත් ආර්ථික රාමුවක් තුළ රටේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත් ඒ මහතා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන  ද මෙහිදී අදහස් දැක්වූ අතර අනාගත පරපුරේ ක්‍රීඩා කෞෂල්‍ය ඔප් නැංවීම වෙනුවෙන් දායක වූ සියලුදෙනාට ඔහු සිය ප්‍රශංසාව පළ කළේය.

ජනාධිපති තරුණ කටයුතු හා තිරසර සංවර්ධන අධ්‍යක්ෂ සතිර සරත්චන්ද්‍ර, Youth vision 2048 සංවිධානයේ උපදේශක ආචාර්ය ලසන්ත ගුණවර්ධන, Youth vision 2048 සංවිධානයේ සභාපති ඩෑන් පෝද්දිවෙල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ විදුල්පතිවරුන්, ක්‍රීඩා උපදේශකවරුන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න