කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය (Reagents) සහ ඖෂධ වර්ග භාවිත කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් දඩ ලෙස නියම කර ඇතැයි ජාතික පාරිභෝගික අධිකාරිය පවසයි.
රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම සහ භාවිතයට සූදානම් කර තබා ගැනීම, කල් ඉකුත් වූ ඖෂධ වර්ග රෝගී සත්කාර සඳහා යොදාගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම, රසායනාගාර පරීක්ෂණ සඳහා අධිකාරිය නියම කර ඇති උපරිම මිල ගණන් ඉක්මවා ගාස්තු අය කිරීම, කල් ඉකුත් වූ සහ කල් ඉකුත් නොවූ රසායනික ද්‍රව්‍ය වෙන් කිරීමකින් තොරව එකම ස්ථානයක තබා ගැනීම යන චෝදනා මෙම රසායනාගාරවලට එල්ල වී තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්යක්ෂ සිසිර කහවත්ත දක්වන පරිදි දිවයින පුරා අධිකරණ වලින් දඩ නියම වූ පෞද්ගලික රෝහල් සහ දඩ මුදල් මෙසේය.
v වීනස් ස්පෙෂලිටි හොස්පිට්ල් (යාපනය මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 3,000,000.00
v ලංකා හොස්පිටල් ඩයොග්නොස්ටික් (ප්‍රයිවට්) ලිමිටඩ් (කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 800,000.00
v සිලෝන් හොස්පිටල් පී. එල්.සී.(බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 400,000.00
v ආසිරි හොස්පිටල් හෝල්ඩිංස් (බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 200,000.00
v සමූපකාර රෝහල MPCS සමාගම (එරාවූර් අධිකරණය) - රු. 200,000.00
v ආසිරි හොස්පිටල් හෝල්ඩිංස් පී. එල්.සී. (කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v නවලෝක ලැබෝරටරීස් පෞද්ගලික සමාගම (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v කිංග්ස් හොස්පිටල් කලම්බු (ප්‍රයිවට්) ලිමිටඩ් (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v ඩර්ඩ්න්ස් හොස්පිටල්ස් (කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v ඩර්ඩ්න්ස් මෙඩිකල් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v නව සුව සෙවන පෞද්ගලික රෝහල (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v ලංකා හොස්පිටල් ඩයොග්නොස්ටික් (ප්‍රයිවට්) ලිමිටඩ් (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v රෝයල් හොස්පිට්ල් (ප්‍රයිවට්) ලිමිටඩ් (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v යාල් මදර් කෙයාර් හොස්පිට්ල් (යාපනය මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v වයඹ ඩයග්නොස්ටික් මෙඩිකල් ලැබෝරටරි (ප්‍රයිවට්) ලිමිටඩ් (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v යුනික් ඩයග්නොස්ටික් (ප්‍රයිවට්) ලිමිටඩ් (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 100,000.00
v සිලෝන් හොස්පිටල් පී. එල්.සී. (මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 50,000.00
v ආලෝකා ඩයග්නොසිස් ලැබෝරටරි (බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 10,000.00
v රවිඳු රසායනාගාර (බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 10,000.00
v හෙළදිව හෙල්ත්කෙයා සෙන්ටර් (මාතර මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 7,000.00
v යුනියන් මෙඩි ලැබ් (මාතර මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 7,000.00
v මොහොට්ටි මෙඩි ලැබ් (මාතර මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 7,000.00
v නිව් ලොජික් රසායනාගාරය (මාතර මහේස්ත්‍රාත් අධිකරණය) - රු. 7,000.00
පාරිභෝගික අධිකාරිය පසුගිය 15වෙනිදා සිට 22 දක්වා දින අටක දී කළ වැටලීම්වලට අදාළව මෙම නඩු පැවරීම් සිදුව තිබේ.
ගිම්හාන් ද සිල්වා
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
