Image

මාලිමා මන්ත්‍රී කතාව අභූත බොරුවක්; මැතිසබෙන් එළියට ඇවිත් කියන්න - සජබ මහලේකම්

මාලිමා මන්ත්‍රී කතාව අභූත බොරුවක්; මැතිසබෙන් එළියට ඇවිත් කියන්න - සජබ මහලේකම්

පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපතිවරයාට ලබාදීමක් ගැන කරන චෝදනාව මුළුමනින්ම අසත්‍ය යැයි සමගි ජනබලවේගය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කරන පරිද්දෙන්ම අසිත නිරෝෂණ මන්ත්‍රීවරයාට හැකිනම් එම ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන්නැයි සමගි ජනබලවේගය අභියෝග කරන බව ද එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර 'newstube.lk' වෙත පැවැසී ය.

සමගි ජනබලවේගය පක්ෂයක් හැටියට නීතිඥ සංගමය සමග සාකච්ඡා කළේ අධිකරණ පද්ධතියේ අනීතික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යැයි කී හෙතෙම ආණ්ඩුව එවැනි අභූත චෝදනා නගන්නේ ඊට එරෙහිව සමාජ විරෝධය සංවිධානය වීම වැලැක්වීමට යැයි ද කීය.

ගිම්හාන් ද සිල්වා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න