කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පිනියක වන පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වනය දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වෙමින් අද (15) පැවසීය.
එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහි විමර්ශන වලක්වන මැන්ඩා මූස් රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා පියුමි හංසමාලි විසින් පැවරූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
