පොහොට්ටුවේ අපේක්ෂකයා ජුලි අග නම් කරනවා - නාමල්

පොහොට්ටුවේ අපේක්ෂකයා ජුලි අග නම් කරනවා - නාමල්

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති 4ත් 6 අතර කාලයකදී ඔහුව ජයග්‍රහණය කරවීමට තරම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ යාන්ත්‍රණය ශක්තිමත් බවද ඔහු සඳහන් කළේය .

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය මගින් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයකු නම් කිරීමට ප්‍රමාද ඇයිද යන්න පිළිබඳව මාධ්‍ය සිදු කළ විමසීමකදීය.

කලබලයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති වලට එකග වන ජනාධිපති මැතිවරණයෙන් ජය ගතහැකි අපේක්ෂකයකු මෙම මස අවසානයේදී නම් කරන බවත් පැවසූ මන්ත්‍රීවරයා අපේක්ෂකයකු නම් කිරීමට කිසිදු හදිසියක් නැති බවද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ යාන්ත්‍රණය ඉතා ශක්තිමත් බවත් ජනාධිපතිවරණය කැදවූ පසු සති 4ත් 6ක් ඇතුලතදී එම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවත් දැනටමත් තමා ජාතික සංවිධායක ලෙස එන ඕනෑම අපේක්ෂකයකු ජයග්‍රහණය කරවීමට බිම්මට්ටමින් සංවිධාන කටයුතු සාර්ථක ලෙස කරගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න