මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන ව්‍යාපෘ­ති­යට OPEC වෙතින් රු. කෝටි 3,000ක්

මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන ව්‍යාපෘ­ති­යට OPEC වෙතින් රු. කෝටි 3,000ක්

මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන ව්‍යාපෘ­තිය සඳහා රු. කෝටි 3,000ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 100ක) ආධා­ර­යක් පිරි­නැ­මී­මට ඔපෙක් අර­මු­දල එක­ඟ­තාව පළ කර තිබේ. එවැනි මුද­ලක් ලැබීම ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර වශ­යෙන් දිනා­ගත් විශ්වා­සයේ ප්‍රති­ඵ­ල­යක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ  ප්‍රකාශ කරයි.

මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන වැඩ­ස­ට­හනේ ඉදිරි කට­යුතු පිළි­බඳ සාක­ච්ඡා­වක් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ සහ ජාත්‍ය­න්තර සංව­ර්ධ­නය පිළි­බඳ ඔපෙක් අර­මු­දලේ (OPEC Fund for International Development) ආසියා ශාන්ති­කර කලා­පීය කළ­ම­නා­කරු යූසෆ් අල්-මුලහ්ම් මහ­ත්ව­රුන් අතර මුදල් අමා­ත්‍යාං­ශ­යේදී පැවැති අතර එහිදී මේ බව අනා­ව­ර­ණය විය.

අදාළ වැඩ­ස­ට­හන දැනට ආසි­යානු සංව­ර්ධන බැංකුවේ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 300කට අධික ආධාර යටතේ සිදු කෙරෙන අතර, ඔපෙක් අර­මු­දල මඟින් ඒ සඳහා තවත් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 100කට අධික දාය­ක­ත්ව­යක් දැක්වී­මට එක­ඟ­ත්වය පළ කර තිබේ. ඔපෙක් අර­මු­දල මෙරට ජන­තාව වෙනු­වෙන සිදු­ක­රන මෙහෙ­වර පිළි­බඳ ඇමැ­ති­ව­රයා එහිදී කළ­ම­නා­කා­ර­ව­රයා වෙත කෘත­ඥ­තාව පළ කළේය.

මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන වැඩ­ස­ට­හන යටතේ මොර­ග­හ­කන්ද සහ කළු­ගඟ ජලා­ශයේ සිට හුරුලු වැව සහ මහ කන­ද­රාව වැව දක්වා මේ ව්‍යාපෘ­තිය මඟින් පෝෂ­ණය වෙයි. මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහගේ පසු­ගිය ඔස්ට්‍රි­යානු සංචා­ර­යේ­දීද මෙහිදී විශේෂ අව­ධා­නය යොමු කර­මින් සාකච්ඡා පැවැත්වූ අතර, එහි තවත් සාකච්ඡා වට­යක් මුදල් අමා­ත්‍යාං­ශ­යේදී පැවැ­ත්විණි.

මෙරට කෘෂි­කා­ර්මා­න්තය වෙනු­වෙන් සිදු කෙරෙන දිගු කාලීන ව්‍යාපෘ­ති­යක් වන මේ සඳහා ඔපෙක් අර­මු­දල මඟින් මුදල් වෙන් කිරීම ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණයේ සහ ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හනේ සාර්ථ­ක­ත්වය හේතු වූ බව ඇමැ­ති­ව­රයා පැව­සීය. ජාත්‍ය­න්තර වශ­යෙන් ශ්‍රී ලංකාව පිළි­බඳ මතුව ඇති විශ්වා­සය ඊට හේතුව බවද ඔහු සඳ­හන් කළේය. ඔපෙක් අර­මු­දල මඟින් මීට පෙර අව­සන් කරන ලද ව්‍යාපෘති 13ක් වෙනු­වෙන් සිය දාය­ක­ත්වය දක්වා ඇති අතර, එම ආධාර යටතේ තවත් ව්‍යාපෘති 7ක් දැන­ට­මත් ක්‍රියා­ත්මක වෙමින් පවතී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න