මෙරට ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම II (2024-2028) ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණ.
සාධාරණ හා හිංසනයෙන් තොර සමාජ පරිසරයක ජීවත් වීම සඳහා කාන්තාවන්ට, පුරුෂයන්ට, ළමයින්ට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ විවිධත්වයක් ඇති කණ්ඩායමකටම ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය බැවින් ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටු දැකීම සඳහා සියලු පාර්ශවවල අදහස් ලබාගෙන මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
