2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ඊයේ (ජුලි මස 2 වැනිදා) තහවුරු කළේය.
ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන්ද නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරිමේ ඉසව්ව වෙනුවෙන් මෙවර පැරිස් ඔලිම්පික් උළලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත.
පැරිස් ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා ප්‍රංශයේදී පැවැත්වේ.
ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනෙකු තරග ඉසව් 329ක් සඳහා තරග කරනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
