විවෘත විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

විවෘත විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න  පත් කර ඇත.

මෙම පත්වීම ජූනි මස 23 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලබාදී තිබේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී තිලකරත්න උපකුලපති ධුරය සඳහා තේරී පත්වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඒ මහතා 2021 වසරේදීද විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය දරා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම පත්කිරීම සිදුකර තිබේ.

ගිණු­ම්ක­ර­ණය පිළි­බඳ ජ්‍යෙෂ්ඨ මහා­චා­ර්ය­ව­ර­යෙක් වන පී.එම්.සී තිලකරත්න  කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යා­පන කේන්ද්‍රයේ අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙසද කට­යුතු කර තිබිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න