ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 91 වන වියේ පසු විය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇතයි වාර්තා වේ.
අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයෙකු සහ පක්ෂ නායකවරයෙකු වූ ආර් සම්පන්දන්ගේ මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවේ බදාදා (03) පස්වරු 2.00 සිට 4.00 දක්වා තැන්පත් කර තැබීමට, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කර තිබේ.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍යවරයාගේද සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
