අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 344කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 41කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 379කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් රුපියල් 355 දක්වා අඩුකර ඇත.
ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස්කර නොමැත.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 317ක් වන අතර භූමිතෙල් මිල රුපියල් 202 කි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
