තල් මණ්ඩලය වාර්තාගත ආදායමක් ලබයි

තල් මණ්ඩලය වාර්තාගත ආදායමක් ලබයි

පසුගිය වර්ෂයේ(2023) තල් සංවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 65.167ක වාර්තාගත දේශීය අලෙවි අදායමක්උපයා ඇත.

තල් සංවර්ධන මණ්ඩලය 2022 වර්ෂයේදී උපයා ඇති දේශීය අලෙවි අදායම මිලියන 50.05ක් වන අතර 2022 වර්ෂයට සමගාමීව 2023 වර්ෂයේ දේශීය අලෙවි අදායමේ වර්ධනය මිලියන 15කි. 2020 වර්ෂයේ දේශීය අලෙවි අදායම මිලියන 30.28ක් වන අතර 2021 වර්ෂයේ දේශීය අලෙවි අදායම මිලියන 33.33කි.

මෙයින් මිලියන 18.8ක්‌ කොළඹ වැල්ලවත්ත කට්පහම් අලෙවි මධ්‍යස්ථානයෙන්ද, මිලියන 18.5ක්‌ නැල්ලුර් කට්පහම් මද්‍යස්ථානයෙන්ද රුපියල් මිලියන 6.8ක්‌ නුවර කට්පහම් මධ්‍යස්ථානයෙන්ද උපයාගෙන ඇතැයි තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ  කියයි.

තල් සංවර්ධන මණ්ඩලය ශ්‍රීලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 0.182ක අපනයන අදායමක්(රුපියල් 57,837,751.98) උපයා දී තිබේ. මෙයින් තල් රා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 0.102ක්‌ද, (රුපියල් 32,283,881.98ක්) ඕඩියල් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 0.04ක්‌ද( රුපියල් 13,697,710.00 ක්‌) ,ශ්‍රීලංකාවට ලැබී ඇත.

මේ අපනයන ආදායම් ඉලක්ක සපුරාලීමට අපනයනකරුවන්ගෙන් ලැබුණු දායකත්වය අගයමින් පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අපනයනකරුවන්ගේ විශේෂ හමුවක්ද සංවිධාන කරන ලද බව සභාපතිවරයා කියයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න