විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අඛණ්ඩව !

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අඛණ්ඩව !

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් දියත් කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ  සමලේකම් කේ.එල්.ඩී. රිච්මන්  පවසන්නේ  ඊයේ (28) දින රැස්වූ වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බවයි .

එසේම ලබන සඳුදා (01) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු  පැවසීය .

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද සඳහන් කළේය .

"විශ්වවිද්‍යාල පද්ධතියි අකර්මන්‍ය ‍වෙලා අදට දින 53ක් වෙනවා. මේ වෙනකම් රජය මෙම  ගැටලු විසඳීමට සාධනීය මැදිහත්වීමක් කරලා නෑ. ඊයේ දිනයේ වෘත්තීය සමිති රැස් ‍වෙලා තීරණය කළා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරගෙන යාමට. නිසි විසඳුමක් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරනවා."

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න