ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරින් මහේල ජයවර්ධන ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔහුගේ මෙම ඉල්ලා අස්වීම සිදුවන්නේ 2024 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී පරාජයට පත්ව පළමු වටයෙන්ම ඉවත්වීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවෙමින් ඇති පසුබිමක ය.
එසේම පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිසියම් විනය විරෝධී කටයුත්තක් සිදුකර ඇත්නම් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
