ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට අද පෙරවරුවේ (26) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට (27) අසනීප නිවාඩු වාර්තා කරන බව ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ඔවුන් ඒ බව පැවැසූවේ ගුරු විදුහල්පතිවරුන්ගේ තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මව්පියන්ගෙන් මුදල් අය නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (26) පෙරවරු 10.30 ට පමණ කොටුව දුම්රියපොල අසල පැවැත්වූ විරෝධතාවයකින් අනතුරුවය. එහිදී විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය එම විරෝධයට කඳුළුගැස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
